Home » ජාතික අවම මාසික වැටුප රු. 17,500 යි

ජාතික අවම මාසික වැටුප රු. 17,500 යි

by sachintha
March 27, 2024 1:03 am 0 comment

දිනක වැටුප රු. 700ට වැඩි කරයි

වැටුප් සංශෝධනයට කැබිනට් අනුමැතිය

දැනට රුපියල් 12,500ක් වන ජාතික අවම වැටුප රුපියල් 17,500ක් දක්වාත් රුපියල් 500ක් වන දෛනික වැටුප රුපියල් 700ක් දක්වාත් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

සේවකයකු ලබන රුපියල් 12,500ක් වන අවම වැටුප මේ අනුව රුපියල් 5000කින් ඉහළ නැංවෙනු ඇත. එසේම රුපියල් 500ක දෛනික වැටුප් ලබන්නකුගේ වැටුප රුපියල් 200කින් ඉහළ නැංවේ. ඕනෑම කර්මාන්තයක සියලු සේවකයන්ගේ අවම මාසික වැටුප සහ දෛනික වැටුප ඉහළ නැංවීමට හැකි වන පරිදි 2016 අංක 03 දරන ජාතික අවම වැටුප් පනත සංශෝධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) රැස් වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය පළ වී ඇති අතර ඒ අනුව මෙසේ අවම වැටුප සංශෝධනය කෙරේ. කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් (SMEs) නියෝජනය කරන වෘත්තීය සමිති සහ ජාතික කම්කරු උපදේශක සභාව විසින් පත් කරන ලද සේවකයන්ගේ ත්‍රෛපාර්ශ්වික අනුකමිටුව විසින් මෙය නිර්දේශ කර තිබිණි.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT