Home » කොමර්ෂල් බැංකුව තම කාන්තා සාමාජිකයින් සමඟ කාන්තා දිනය සමරයි

කොමර්ෂල් බැංකුව තම කාන්තා සාමාජිකයින් සමඟ කාන්තා දිනය සමරයි

by sachintha
March 27, 2024 1:06 am 0 comment

කොමර්ෂල් බැංකුව රට පුරා විසිරී සිටින බැංකුවේ කාන්තා කාර්ය

මණ්ඩලය ආවරණය වන ලෙස පැවැත්වූ “Counting HER in and Investing in HER” වැඩසටහන හරහා දැනුම හුවමාරු කර ගනිමින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීය.

කොමර්ෂල් බැංකුවේ කාන්තා බැංකුකරණ ඒකකය සහ කාර්ය මණ්ඩල

සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන

හරහා බලාපොරොත්තු වූයේ කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින්

සම්බන්ධ කර ගැනීම වැඩිකිරීමත්, ඔවුන්ගේ හැකියාවන් සහ වර්ධනය

වැඩිදියුණු කිරීමත්ය.

බැංකුවේ ශ්‍රවණගාරයෙහි පැවැත්වුණු වැඩසටහන සඳහා මුළු දිවයිනම

ආවරණය කරමින් MS TEAMS හරහා ද සහභාගීත්වය සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන

විධායක නිලධාරි සනත් මනතුංග මහතා සියලු‍ සාමාජිකයන් සඳහා

ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සමාන අවස්ථා ලබා දෙන බව

අවධාරණය කළේය. එමෙන්ම සියලු‍ සේවකයින්ට සාර්ථකත්වයට පත්

විය හැකි දිරිගන්වන පරිසරයක් නිර්මාණය කිරීමට බැංකුව වගකියන

බව ද ඔහු කියා සිටියේය. බැංකුවෙහි සාර්ථකත්වය උදෙසා කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ හැකියාවන් හඳුනා ගැනීම සහ එම හැකියාවන් වර්ධනය කිරීමට ආයෝජනය කිරීම වැදගත් බවත් බැංකුව මේ වනවිටත් කාන්තා කාර්ය මණ්ඩලය වර්ධනය කිරීම සහ සවිබලගැන්වීම සිදු කරන අතර මෙම වැඩසටහන ඒ සඳහා තවත් දිරිමත්

කිරීමක් වන බවත් මනතුංග මහතා පවසා සිටියේය.

AIA ඉන්ෂුවරන්ස් ලංකාහි ප්‍රධාන විධායක නිලධාරි/ විධායක අධ්‍යක්ෂිකා චතුරි මුණවීර මහත්මිය, ජැට් හෝල්ඩින්ග්ස් සමගමෙහි විධායක නොවන අධ්‍යක්ෂිකා අනීකා විලියම්ස් මහත්මිය සහ Terapy ආයුර්වේද තේ හි නිර්මාතෘ/අධ්‍යක්ෂිකා රුවිනිකා රණසිංහ මහත්මිය ඇතුළු කීර්තිමත් පුද්ගලයින්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් ආයතනික වශයෙන් කාන්තාවන් සවිබලගැන්වීම සහ නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි දර්ශනයක් සපයන ලදි. ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීම, තෝරා ගත් අංශයක් හෝ ක්ෂේත්‍රයක් තුළ වෘත්තීය ආචාර ධර්ම සමඟ සාර්ථකත්වයට ළඟා වන්නේ කෙසේද, රැකියාවේ නියුතු කාන්තාවක් සහ මවක් වශයෙන් රැකියාවේ සහ ජීවිතයේ සමතුලිතතාව ළඟා කර ගැනීම, ඉලක්ක කරා ගමන් කිරීමේ වැදගත්කම, වෘත්තීය සුදුසුකම්හි වැදගත්කම සහ අනෙකුත් වෘත්තීන්වල නියැළෙන කාන්තාවන් හට ආදර්ශයක් වන ආකාරය යන මාතෘකා අන්තර්ගත කරමින් වැඩසටහන පැවැත්වුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT