යූනියන් ඇෂුවරන්ස් සමාගම නියෝජනය කරන කාන්තා කණ්ඩායම් සාමාජිකයින් මෙන් ම ආයතනික කළමනාකරණ කණ්ඩායම, විධායක කමිටුව සහ ගෞරවනීය ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට කේන්ද්‍රගත වූයේ යූනියන් ඇෂුවරන්ස් සමාගම තුළ කාන්තා කණ්ඩායම් සාමාජිකයින් සඳහා කිසිවෙකු මඟ නොහැරෙන සහ සහයක පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සකස් කරන ලද ක්‍රියාශීලි මුලපිරීමක් වන GROW සංකල්පය හඳුන්වා දීමය. Growth and Development (දියුණුව සහ වර්ධනය), Recognition (පිළිගැනීම), Opportunities (අවස්ථා සැලසීම) සහ Well-being (යහ පැවැත්ම) යන සංකල්පවල කෙටි යෙදුමක් වන GROW ක්‍රියාන්විතයෙහි අරමුණ වන්නේ, කාන්තා කණ්ඩායම් සාමාජිකාවන් වෘත්තියමය සහ පෞද්ගලිකව සවිබල ගැන්වීමයි. විවිධත්වය, සමානාත්මතාව සහ කිසිවෙකු මඟ නොහැරීමේ මූලධර්ම වෙනුවෙන් ස්ථාවර කැපවීමක් ඇති, යූනියන් ඇෂුවරන්ස් සමාගම, සිය ශ්‍රම බළකාය තුළ 51%ක කාන්තා නියෝජනයක් සාඩම්බරයෙන් පවත්වාගෙන යමින් රක්ෂණ ක්ෂේත්‍රයේ ආදර්ශයක් (මිනුම් දණ්ඩක්) බවට පත්ව තිබේ. කළමනාකරණ
තනතුරු, ආයතනික නායකත්වය සහ සාම්ප්‍රදායික නොවන භූමිකාවන්හි කාන්තා දායකත්වය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද මුලපිරීම් සමඟින්, GROW ක්‍රියාන්විතය හරහා එම ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට සමාගම අපේක්ෂා කරයි.
මෙහි විශේෂ අවස්ථාවක් වූයේ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවති අභිප්‍රේරිත සංවාදමය සාකච්ඡාවයි. එම සාකච්ඡාව යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න විසින් මෙහෙයවනු ලැබූ අතර, භාරතී එයාර් ටෙල් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන පිරිස් නිලධාරී මිෆාස් අහමඩ්, සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ්හි ප්‍රධාන අලෙවි නිලධාරිනී කවී රාජපක්ෂ, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ සහකාර නියෝජ්‍ය සභාපති, ආයතනික සන්නිවේදන ප්‍රධානී, විවිධත්වය සහ අන්තර්ග්‍රහණය පිළිබඳ කණ්ඩායම් නායක, සමාජ ව්‍යවසායකත්ව මෙහෙයුම් ප්‍රධානී කුමුදු මුණසිංහ, සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන හවුල්කාරීත්ව බෙදාහැරීම් නිලධාරිනී වත්සලා අලුත්ගෙදර සම්පත් දායකයින් ලෙස සහභාගි වූහ. මෙම සාකච්ඡාවේදී කාන්තා නායකත්වය, රැකියාවේ සහ ජීවිතයේ සමතුලිතතාව, කාන්තා සවිබල ගැන්වීම, පෞද්ගලික වෙළෙඳ සන්නාමකරණය සහ පිරිමින් සමඟ වැඩ කිරීම ඇතුළු තීරණාත්මක මාතෘකා වෙත අවධානය යොමු විය.