Home » පාලමේ සුන්බුන් ඉවත් කරන්න දැවැන්ත දොඹකරයක්

පාලමේ සුන්බුන් ඉවත් කරන්න දැවැන්ත දොඹකරයක්

by chanaka
March 30, 2024 11:40 am 0 comment

අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබේ.

ඒ අනුව අදාළ සුන්බුන් මෙම දොඹකරය මගින් ඇඳගෙන යාම සිදු කෙරේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට කාර්යබහුලම වරායේ නැව්ගත කිරීම් අත්හිටුවා ඇති බවයි.

සුන්බුන් අතර කිමිඳීමේ අවදානම හේතුවෙන් කම්කරුවන් සිව්දෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් නවතා දමා ඇති බව වාර්තා වේ.

පාලම යථාතත්ත්වයට පත්කිරීම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ, මෙම සිද්ධියෙන් කඩාවැටුණු පාලම බැලීමට සහ අදාළ බලධාරීන් සමඟ කතා කිරීමට තමා ලබන සතියේ බැල්ටිමෝර් වෙත යන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT