Home » ලොවපුරා කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා දිනය සමරයි

ලොවපුරා කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා දිනය සමරයි

by chanaka
March 31, 2024 12:45 pm 0 comment

ජේසුස් කිස්තුන් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන පාස්කු ඉරු දිනය අදයි. මහ සිකුරාදා දින මරණයට පත් වූ ජේසුස් කිස්තුන් වහන්සේ උත්ථානය වූයේ අද(31) වැනි දිනකයි.

මානව වර්ගයා පාපයෙන් ගැලවීමේ උත්තම චේතනාවෙන්, කුරුසය මත අපමණ දුක් විද මරණයට පත්වීමෙන් පසු, ජේසුස් වහන්සේගේ සිරු‍ර ගුහාවක තැන්පත් කළ බව සඳහන්ය. ඉන් පසුව එළඹුනු පළමු ඉරු දිනයේදී, ඒ වෙත පැමිණි පිරිස දැක ඇත්තේ, උන්වහන්සේගේ සිරුර ගුහාවේ නොමැති බවයි.

එහි තිබි හමුවූ බව කියන ජේසුස් වහන්සේගේ සිරුරෙන් ගැලු රුධිරය සහිත සුදු රෙදි කඩ කිතුණුවන්ගේ පුජනීය සංකේතයක් ලෙස සැලකේ. යළි උත්ථානය වූ ජේසුස් වහන්සේ අපෝස්තරවරුන්ට දර්ශන වී තිබේ.

පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරයි.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදුකරන අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වෙයි.

ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන්ය.

පාස්කු යන්නෙහි අරුත “එතෙර වීම” යන්නයි. ගින්දර සහ ජලය ආසිරි ගැන්වීම මෙහිදි සිදු කෙරෙන ප්‍රධාන චාරිත්‍රයකි.

2019 පාස්කු ඉරු දින දේව මෙහෙයන් අතරතුර එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට වසර පහක් සපිරේ. ප්‍රධාන දේවාස්ථාන තුනක්, ප්‍රධාන හෝටල් කිහිපයක් ඇතුළු ස්ථාන 8ක් කේන්ද්‍ර කර ගනිමින් එම ප්‍රහාරය සිදුවිය.

එහිදී 270 කට ආසන්න පිරිසක් මරණයට පත්වු අතර 500 පමණ පිරිසක් තුවාල ලැබීය. මේ හේතුවෙන් මෙවර පාස්කු දේව මෙහෙයන් අවස්ථාවලදී ද දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT