17වැනි වරටත් සංවිධාන කරන ලද පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ මැදින් මහා පෙරහැර මංගල්‍යය ඊයේ(30) රාත්‍රී හතට වීදි සංචාරය ආරම්භ කළේය.
අමරපුර මහානිකායේ සිරිසුමන පාර්ශ්වයේ මහ නායක ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදේශකත්වයෙන් මෙම පෙරහැර සංවිධාන කරනු ලබන අතර සුවිශේෂ නර්තනාංග රැසකින් සහ අලි ඇතුන් විශාල පිරිසක් මෙම පෙරහරට සහභාගී වෙති.
මෙම පෙරහැර සදහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද ආරාධිතයෙකු ලෙස එක්විය.
මාර්තු මස 27 වැනිදා සිට ආරම්භ කරන ලද සරණ මංගල ආශිර්වාද පෙරහැර, ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර, කිරි දරුආශිර්වාද පෙරහැර යන අතුරු පෙරහැර තුනකින් සමන්විත වූ මෙම පෙරහැර මංගල්‍යයෙහි මහ පෙරහැර සමස්ත මව්පිය ප්‍රජාව වෙනුවෙන් උපහාර දැක්වීම අරමුණු කරගනිමින් සුද්ධෝදන මහමායා පෙරහරත් රට වැසියන් සුඛිත මුදිත කරන්නට ඉතිහාසය පුරා කැප වූ රජවරුන් සිහිපත් කරමින් හෙළ මහ රජ පෙරහරත් ත්‍රිවිධ රත්නය වෙනුවෙන් උපහාර පිදීමට සංවිධාන කරනු ලබන තෙරුවන් ගුණ මහාපෙරහරත් මෙම පෙරහැර මංගල්‍යයට අයත් වේ.