Saturday, May 10, 2025
Home » ‘අස්වැසුම‘ ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සුබ පණිවිඩයක්

‘අස්වැසුම‘ ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සුබ පණිවිඩයක්

by chanaka
April 1, 2024 11:13 am 0 comment

සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෑගල්ල , බදුල්ල , නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභ යටතේ රුපියල් 2,500 දීමනාව මෙලෙස ලබාදීමට නියමිත ය.

අප්‍රේල් මස මුල් සතිය තුළ මෙම ගැටලු සියල්ල නිවැරදි කර දීමනාව නොලැබූ සියලුදෙනාට ද හිමි හිඟ මුදල් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අස්වැසුම ප්‍රතිලාභ මණ්ඩලය පසුගිය සතියේ එකඟතාවය පළ කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT