ගිරාදුරුකොට්ට බැරියල් හංදිය ප්‍රදේශයේ මාර්ගයේ තිබි අද (01) අළුයම සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකු ගේ මල සිරුරක් හමුවු බව ගිරාදුරුකොට්ට පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සමරසිංහ ගලප්පත්තේ ගෙදර සමිත් කුමාර නැමැති අංක 23, ආරාම පාර, විරානගම, ගිරාදුරුකොට්ට ලිපිනයේ පදිංචි 40 හැවිරිදි අය බවට හදුනාගත් බවද පොලිසිය සඳහන් කරයි.
අළුයම එකට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට බැරියල් හංදියට යන මාර්ගයේ මිදෝරි කඩය අසල තුවාල ලත් පුද්ගලයෙකු වැටි සිටින බවට ලද ඇමතුමක් මත ගිරාදුරුකොට්ට පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හිසෙහි ලේ ගලන තුවාලයක් සහිතව වැටි සිටි තුවාලකරු ගිරාදුරුකොට්ට රෝහලට රැගෙන ගොස් ඇතැයිද වාර්තාවේ .
ඔහු රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් පවසයි.
මෘතදේහය මේ වනවිට ගිරාදුරුකොට්ට රොහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කොට ස්ථානීය පරික්ෂණයක් සහ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලිසිය පවසයි.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උපුල් චන්දන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත ,සහකාර පොලිස් අධිකාරි එස්.ජෙ පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත මේ පිළිබඳව ගිරාදුරුකොට්ට පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුදේශ් චතුරංග මහතා යටතේ වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය පැවසීය .