Home » ‘ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය’ ග්‍රන්ථය එළි දකියි

‘ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය’ ග්‍රන්ථය එළි දකියි

by yasara
April 1, 2024 11:43 am 0 comment

මහාචාර්ය සමන්ත සමරකෝන් මහතා විසින් රචිත ‘ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය’  නම් ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (31) උදෑසන කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ආරාධිත දේශණයන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය මයුර සමරකෝන් මහතා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරනගම මහත්මිය සහ මහාචාර්ය රත්නායක එම් . අබේරත්න මහතා විසින් සිදු කෙරිණි

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍යපීඨයේ මහචාර්යවරයෙකු ලෙස සේවය කළ සමන්ත සමරකෝන් මහතා මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක ධූරය හොබවයි.

සිය ආචාර්ය උපාධිය සඳහා සිදු කළ පර්යේෂණ නිබන්ධනය පාදක කරගෙන මෙම ග්‍රන්ථය මහචාර්ය සමන්ත සමරකෝන් මහතා විසින් රචනා කර තිබෙයි

මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්  සමරකෝන්,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරනගම සහ මහාචාර්ය රත්නායක එම් . අබේරත්න සම්මානිත මහාචාර්ය ජයන්ත ජයවර්ධන මහතා ඇතුළු විශ්ව විද්‍යාල අචාර්ය මහචාර්යවරු විශාල පිරිසක් ද විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT