Saturday, May 10, 2025
Home » දුමින්ද – ලසන්ත – මහින්ද නෙරපීමට එරෙහිව අතුරු තහනමක්

දුමින්ද – ලසන්ත – මහින්ද නෙරපීමට එරෙහිව අතුරු තහනමක්

by chanaka
April 1, 2024 1:32 pm 0 comment

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පසුගිය සෙනසුරාදා (30) පැවති ශ්‍රීලනිප විධායක සභා රැස්වීමේදී ඔවුන්ව එම ධූර වලින් ඉවත්කර වෙනත් සමාජිකයන් පත් කර තිබුණි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත් කරනු ලැබීය.

එමෙන්ම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කළ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතා වෙනුවට සරත් ඒකනායක මහතාව පත් කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT