මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයෙන් හදුනාගත් ව්‍යවසායකයින් හරහා බිම් මල් වගාව දිස්ත්‍රික් මට්ටමින් සහ අපනයන මට්ටමට නගා සිටුවීමේ නව වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇත.
මැදවච්චිය ප්‍රාදේශිය ලේකම්බල ප්‍රදේශයේ තුලාන අංක 66 කටුවෙල තුලානේ කුඩාවැව, මැදවච්චිය ලිපිනයේ පිහිටි එම්.ඒ. චන්ද්‍රිකා මහත්මියගේ ගෙවත්තේ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම්කාර්යාලයේ මග පෙන්වීම යටතේ මේ වනවිට පවත්වාගෙන යනු ලබන බිම්මල් වගාවේ වර්ථමාන තත්ත්වට සොයා බැලීමට ප්‍රාදේශිය ලේකම් එම්.සී.මලවිආරච්චි මහත්මියගේ ඉල්ලීමකට අනුව අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සංද්‍යා අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරින් රැසක් අද(01) එහි පැමිණියේය.
මැදව්චිචය ප්‍රාදේශීය ලේකම් එම්.සී මලවිආරච්චි මහත්මියගේ පූර්ණ උපදෙස් සහ මග පෙන්වීම යටතේ මෙම ව්‍යවසායිකාවට මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශය විසින් රුපියල් ලක්ෂ 04 කට ආසන්න වියදමක් දරා යන්ත්‍ර උපකරණ සහ තාක්ෂණික දැණුම ලබා දී මේ වන විට සවිබල ගන්වා ඇත.
මෙහි මූල්‍යමය වියදම් වැවි ගම් පුබුදුව ව්‍යාපෘතියෙන් සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලින් වැය කර තිබුණි.
මෙම නිරික්ෂණ චාරිකාවට අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සංද්‍යා අබේසේකර මහත්මිය, සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා, මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්.සී මලවිආරච්චි මහත්මිය, කෘෂිකර්ම නිලධාරින්වන සී.කේ.ජේ.සී.කුමාර මහතා, එස්.එම්.අයි ජයවර්ධන මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.
මැදවච්චය – සජිත් ගයාන් උබේපාල