210
හබරාදූව, ඌරගස්ගොඩ ගම්වාසීහු බීමට ජලය ලබා ගන්නා ඌරගස්ගොඩ පිහිටි පැරණි පොකුණ පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ග්‍රාමීය පුනර්ජීවන කමිටුවේ මෙහෙයවීමෙන් පසුගිය දා සිදුකෙරිණි. ඌරගස්ගොඩ සහ අවට ගම් කිහිපයකම ජනයා බීමට ජලය ගෙන යනු ලබන්නේ වසර සිය ගණනක් පැරණි මෙම පොකුණෙනි.
හබරාදූව ප්‍රාදේශීය ලේකම් කුසලක නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ඌරගස්ගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී අචලා ලියනගේ, සමෘද්ධි සංවර්ධන නිලධාරී සාලිය ගුණසේකර, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී වසන්ත සහ ග්‍රාම නිලධාරී උඳුල් හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම ශ්‍රමදාන වැඩසටහන සංවිධාන කර තිබිණි.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ