පුද්ගලයන්ට අලෙවි කිරීම සඳහා කේරළ ගංජා ග්‍රෑම් 238යි මිලි ග්‍රෑම් 80ක් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවක් අද (01) දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සඳහා කන්තලේ මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා කන්තලේ මූලස්ථාන පොලිසියට අවසර ලබා දුන්නේය.
මෙසේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා කේරළ ගංජා සන්තකයේ තබා ගෙන තිබුණේ කන්තලේ පේරාරැ පදිංචි කාන්තාවකි. සැකකාරිය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප රෝහිත මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (21796), නිහාල් (10740), ගුණරත්න කොස්තාපල් (89020), සුමන් කාන්තා පොලිස් කොස්තාපල් (2986), සෙනෙවිරත්න යන මහත්ම මහත්මින් මෙම වැටලීම සිදු කර සැකකාරිය සමඟ කේරළ ගංජා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි අකිල කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලිම සිදු කර තිබුණි. සැකකාරියට කේරල ගංජා ලැබුණ ආකාරය සොයා පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයව යි.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටි. එම්. ගුණානන්ද