Saturday, May 10, 2025
Home » එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ බාළක ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ බාළක ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

by yasara
April 1, 2024 10:37 am 0 comment

එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ  සාමාජිකයන් 14 දෙනෙකු ශ්‍රී ලංකාවේ දින 10 ක තරග සංචාරයක් සඳහා අද (01)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ඔවුන් කොළඹ පැවැත්වෙන එක් දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරග 03 කට සහ ගාල්ල සහ කොළඹ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 කට සහභාගී වීමට නියමිතය .

මෙම ක්‍රිකට් කණ්ඩායම තුළ දක්ෂ ආරම්භ පිතිකරුවන් , වේග පන්දු යවන්නන් සහ දග පන්දු යවන්නන් රාශියක් සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තණ තීරු වල ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගැනීම සදහා මෙසේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන බව මෙම කණ්ඩායමේ පුහුණුකරු , හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අමල් දළුගොඩ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

මෙම ක්‍රිකට් කණ්ඩායමේ නායක ලෙස ලූක් යේට්ස්  (Luke Yates ) කටයුතු කරනු ලබයි .

මෙම ලැන්කැෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් කණ්ඩායම 04/01 දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT