Home » ජන­තා­ කැප­කි­රීම් යළි ආව­ර්ජ­නය නොක­ළොත් සටන් ව්‍යාපාර හා උරු­මය ඉති­හාස පොතෙන් මැකී යාවි

ජන­තා­ කැප­කි­රීම් යළි ආව­ර්ජ­නය නොක­ළොත් සටන් ව්‍යාපාර හා උරු­මය ඉති­හාස පොතෙන් මැකී යාවි

පිලිප් ගුණ­ව­ර්ධන 52 වන ගුණ සම­රු­වේදී මන්ත්‍රී යදා­මිණී ගුණ­ව­ර්ධන කියයි

by Gayan Abeykoon
April 2, 2024 1:23 am 0 comment

නුවන් කොඩි­කාර

ජන­තා­වගේ වටිනා කැප­කි­රීම් නැවත නැව­තත් ආව­ර්ජ­නය නොක­ළොත්, සටන් ව්‍යාපාර හා උරු­මය ඉති­හාස පොතෙන් මැකී, පිටු ගැලවී යාවි යැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී යදා­මිණී ගුණ­ව­ර්ධන මහතා  පැව­සීය. මෙරට සමා­ජ­වාදි ව්‍යාපා­රය බිහි කිරීමේ පුරෝ­ගා­මි­යකු වූ දිවං­ගත පිලිප් ගුණ­ව­ර්ධන මහ­තාගේ 52 වන ගුණ සැම­රුම් උත්ස­වය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ ශ්‍රී ලංකා පද­නම් ආය­ත­නයේ දී පෙරේදා (31) පස්ව­රුවේ පැවැති අව­ස්ථා­වේදී ඒ මහතා මේ බව පැව­සීය.

මෙරට පම­ණක් නොව මහ­ද්වීප ගණ­නා­වක පොදු මහ­ජ­න­තා­වගේ ජය­ග්‍ර­හණ වෙනු­වෙන් කැප­කි­රීම් රාශි­යක් කළ ජාතික වීර­ව­ර­යෙක් ලෙස  පිලිප් ගුණ­ව­ර්ධන මහතා අද­ටත් ගෞර­ව­යෙන් සිහි­පත් කරන බව හෙතෙම කීවේය. එහිදී මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

උසස් අධ්‍යා­ප­නය ලබන්න මංපෙත් තෝරන අව­ස්ථා­වේදී අන­ගා­රික ධර්ම­පා­ල­තු­මන් පිලිප් ගුණ­ව­ර්ධන මහ­තාගේ පියා­ණන්ට උප­දෙස් දුන්නේ අධි­රා­ජ්‍ය­වාදී බැමි ලිහලා, එය බිඳ­ගෙන ඉදි­රි­යට යා හැකි අනා­ගත ලංකා­වක් බිහි­කි­රීමේ අත්දැ­කීම්  එක් කර ගත හැකි තැන­කට පිලිප් ගුණ­ව­ර්ධන මහතා යොමු කරන ලෙසයි.

ඒ අනුව පිලිප් ගුණ­ව­ර්ධන මහතා විස්කො­න්සින් විශ්ව­වි­ද්‍යා­ල­යේදී ප්‍රවීණ මහා­චාර්ය ස්කොට් නිය­රිංග් සමඟ එක්ව මෙක්සි­කෝවේ දෙවැනි විප්ල­ව­යට සට­න්කා­මීව සහාය දෙමින් තරුණ වය­සේ­දීම අත්දැ­කීම් ලැබුවා. ඒත් එතු­මාගේ විප්ල­වීය සට­න්වල අව­සා­න­යක් තිබුණේ නැහැ. උතුරු අමෙ­රිකා මහ­ද්වී­පයේ සට­න්ව­ලට එතුමා සහාය දක්වන අව­ස්ථාවේ එතු­මාගේ පිටු­ප­සින් බ්‍රිතාන්‍ය ස්කොට්ල­න්ඩ්යාර්ඩ්  රහස් ඔත්තු සේවය ලුහු­බැන්දා. පිලිප් ගුණ­ව­ර්ධන මහතා ජීවි­ත­යට සමු දී අවු­රුදු 40කට පසුව ඒ වාර්තාව නිද­හස් කළා. අධි­රා­ජ්‍ය­වා­දීන් හමු­වට ගිහින් ඔවුන්ට අභි­යෝග කර ආසි­යාවේ හා අප්‍රි­කාවේ අපේ රට වැනි යටත් විජි­ත­යන්ව තිබූ රට­වල මිනි­සුන්ගේ නිද­හස හා අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් වූ සටන ඉදි­රි­යට ගෙන ගිය ආකා­රය සම්බ­න්ධ­යෙන් වූ තොර­තුරු ඒ වාර්තාවේ ඊටත් වඩා ගැබ් වී තිබෙ­නවා. පිලිප් ගුණ­ව­ර්ධ­න­යන් නොබි­යව සටන් වැදුණේ අප වැනි රට­වල ජන­තා­වගේ අව­ශ්‍යතා ඉස්මතු කර­න්නයි.

නිද­හ­සෙන් පසුව එතුමා ජන­සතු ව්‍යාපා­ර­යට නාය­ක­ත්වය දුන්නා. අපේ රටේ පොදු මහ­ජ­න­තාව සමඟ එක්ව ඔවුන්ගේ මහා නිර්මා­ණ­ශීලී හැකි­යා­වෙන් ජාතික ආර්ථි­කය නැංවිය හැකි ආකා­රයේ ජාතික ව්‍යාපාර ගොඩ­න­ඟන්න පුළු­වන් බව ඔප්පු කිරී­මට එතු­මාට වුව­ම­නා­වක් තිබුණා. බස් ජන­ස­තුව හා වරාය ජන­ස­තුව එහිදී විශේ­ෂ­යෙන් මතක් කළ යුතුයි. එදා ලෝකයේ 126 වැනි වරාය, ජන­සතු ව්‍යාපා­ර­යෙන් වසර 25කට පසුව ලෝකයේ ශ්‍රේණි­ගත කිරී­ම්ව­ලින් 26 වැනි තැනට පැමි­ණියා. ජන­සතු ව්‍යාපා­ර­යෙන් ඉස්මතු කර පෙන්නුවේ අපේ රටේ මිනි­සුන්ගේ තිබෙන හයි­යයි. ඒ වගේම තමයි අපේ රටේ කැත්ත උදැල්ල අර­ගෙන ගෙන්ද­ගම් පොළොව සමඟ ගැටිලා අස්වද්දා, ආසි­යාවේ පෙර­දිග ධාන්‍යා­ගා­රය බවට පරි­ව­ර්ත­නය කළ රටේ ගොවි ජන­තා­වට, ගොවි­තැන් ඉදි­රි­යට කර­ගෙන යන්න තිබුණු අයි­ති­වා­සි­ක­ම්වල ප්‍රශ්න­යක් තිබුණා. ඔවුන්ට බැංකු පද්ධ­ති­යෙන් කිසිම සහ­යෝ­ග­යක් තිබුණේ නැහැ. අපේ රටේ සාමාන්‍ය ගොවි ජන­තා­වට ණයක් ගන්න යන්න බැංකු­වක් තිබුණේ නැති කාල පරි­ච්ඡේ­ද­යක් තිබුණා. ඒ කාලේ විශේෂ පිරිස් තෝරා­ගෙන බැංකු කට­යුතු  කළේ. රටේ ජන­තා­වගේ හද ගැස්ම හඳු­නන පළමු ජාතික බැංකුව ඇති කරන  පනත පාර්ලි­මේ­න්තු­වට ගෙනාවේ පිලිප් ගුණ­ව­ර්ධන මහතා. මහ­ජන බැංකු පනත නමින් තිබු­ණත් පළ­මු­වෙනි පනත සමූ­ප­කාර සංව­ර්ධන බැංකු පන­තයි. මේ බැංකු පනත අපේ රටේ සාමාන්‍ය ජන­තා­වට, ලෝක­යත් සමඟ ගනු­දෙනු කරන්න, තමන්ගේ වෙළෙඳ ව්‍යාපාර දියුණු කරන්න, අපේ රටේ මිරි­කෙන ආර්ථි­කය තුළින් ඒ ජන­තා­වට ඉස්මතු වෙලා එන්න පුළු­වන් වප­ස­රිය නිර්මා­ණය කර තිබෙන පන­තක්.

මහා­චාර්ය රනිල් සේනා­නා­යක මහතා –

පිලිප් ගුණ­ව­ර්ධන මහතා, ජාති­යක් ලෙස සමා­ජය නඟා සිටු­වීම සංව­ර්ධන ඉල­ක්කය වූ යුග­යක බිහි වූ නාය­ක­යෙක්. එදා ආර්ථික සංව­ර්ධ­නය හෝ අපට උපයා ගත හැකි නැති­නම් ණයට ගත හැකි මුදල් ප්‍රමා­ණය ආදිය වෙනු­වට සමාජ යහ­පැ­වැ­ත්මයි අර­මුණ වුණේ. පිලිප් ගුණ­ව­ර්ධන මහතා අපට පෙන්වා දුන්නේ මෙයයි. අඳ­ගො­වි­යාට සහ­න­යක් ගෙන දුන් කුඹුරු පනත සඳහා මූලික වූවෙක් ලෙස ද ඔහු සිහි­පත් වෙනවා. ඔහු ප්‍රකාශ කළා රට සංව­ර්ධ­නය කිරී­මට, නිද­හස ආරක්ෂා කිරී­මට, රටේ ජන­තා­වට සේවය කිරී­මට සූදා­නම් ඕනෑම පිරි­සක් සමඟ වැඩ කරන බව. එය ඕනෑම කණ්ඩා­ය­මක් වෙන්න පුළු­වන්.

ඉත්තෑ­පාන ධම්මා­ලං­කාර හිමි­යන් මුල­සුන දැරූ අතර, අග­මැති දිනේෂ්  ගුණ­ව­ර්ධන, කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන, හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ, චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග, පවුලේ ඥාතින් වන ප්‍රසන්න ගුණ­ව­ර්ධන, ලක්මලී ගුණ­ව­ර්ධන, හිටපු කථා­නා­ය­ක­ව­රුන් වන චමල් රාජ­පක්ෂ, කරු ජය­සූ­රිය, හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ මහත්ම මහ­ත්මීන්ද, මැති ඇමැ­ති­ව­රුන්, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්, රට­වල් රැසක තානා­ප­ති­ව­රුන්, විද්ව­තුන්, පාක්ෂි­ක­යන් රැසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.

 

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT