Home » රාජ්‍ය ආදා­යම් වැඩි­ ක­රන ක්‍රියා­මාර්ග අත්හි­ටු­වී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ගොනු කළ පෙත්ස­ම­කින් මන්ත්‍රීන්ගේ අයි­ති­වා­සි­කම් කඩ වෙලා

රාජ්‍ය ආදා­යම් වැඩි­ ක­රන ක්‍රියා­මාර්ග අත්හි­ටු­වී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ගොනු කළ පෙත්ස­ම­කින් මන්ත්‍රීන්ගේ අයි­ති­වා­සි­කම් කඩ වෙලා

කළු­තර මන්ත්‍රී ලලිත් වර්ණ­කු­මා­ර­ගෙන් වර­ප්‍ර­සාද ප්‍රශ්න­යක්

by Gayan Abeykoon
April 2, 2024 1:28 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

රාජ්‍ය ආදා­යම වැඩි­කර ගැනීම සඳහා ගන්නා ලද ක්‍රියා­මාර්ග අත්හි­ටු­වී­මට ඉල්ලා සිටි­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති පෙත්ස­මක් නිසා තමා ඇතුළු මන්ත්‍රී­ව­රුන් 225 දෙනා­ගේම වර­ප්‍ර­සාද කඩවී ඇතැයි පොදු­ජන පෙර­මුණේ කළු­තර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා පාර්ලි­මේ­න්තු­වට වර­ප්‍ර­සාද ප්‍රශ්න­යක් ඊයේ (1) ඉදි­රි­පත් කළේය. 

මෙම පෙත්සම මඟින් උත්සාහ කරන්නේ පාර්ලි­මේ­න්තුව සතු මූල්‍ය බලය අධි­ක­ර­ණය හරහා සොර­කම් කිරී­ම­ට­දැයි බර­ප­තළ සැක­යක් පැන නගින බව ද මන්ත්‍රී­ව­රයා කීය.

එහි දී මන්ත්‍රී­ව­රයා මෙසේ ද කීවේය.

“ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 148 වැනි ව්‍යව­ස්ථා­ව­ප්‍ර­කා­රව රාජ්‍ය මූල්‍ය පිළි­බඳ සම්පූර්ණ පාල­නය පාර්ලි­මේ­න්තුව සතු වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදා­යම වැඩි­කර ගැනීම සඳහා කළ යුතු කාර්ය­යන් සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේ­න්තුවේ දී විවිධ අව­ස්ථා­ව­ලදී සාකච්ඡා කර තීරණ ගෙන තිබෙ­නවා. රාජ්‍ය ආදා­යම එකතු කර ගන්නා ප්‍රධා­න­තම රාජ්‍ය ආය­තන තුන වන්නේ දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තු­වයි. 2024 වර්ෂයේ ඉල­ක්ක­ගත ආදා­යම වනුයේ දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව හරහා රුපි­යල් බිලි­යන 2024ක් ද, ශ්‍රී ලංකා රේගුව හරහා රුපි­යල් බිලි­යන 1533ක් ද, සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව මඟින් රුපි­යල් බිලි­යන 232ක් ද වෙනවා. මෙම ඉල­ක්ක­ගත ආදා­යම එකතු කර ගැනීම සහ ඒ සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කිරී­මට පාර්ලි­මේ­න්තුවේ මුදල්, ක්‍රම සහ විධි කාරක සභා මඟින් ද ආර්ථි­කය සම්බන්ධ අනෙ­කුත් අධී­ක්ෂණ කාරක සභා මඟින් ද සිදු කරනු ලබ­නවා. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ යෝජනා හා සමා­ලෝ­ච­න­යන් හරහා ද රාජ්‍ය ආදා­යම වැඩි­කර ගැනීම සඳහා ආර්ථික ක්‍රියා­මාර්ග ගත­යුතු බව නිර්දේශ කර තිබෙ­නවා. මෙම ඉදි­රි­පත් කර ඇති පෙත්සම මඟින් කෙළින්ම රාජ්‍ය ආදා­යම වැඩි­කර ගැනීම සඳහා ගන්නා ක්‍රියා­මාර්ග අත්හි­ටු­වී­මට ඉල්ලා තිබෙ­නවා. රජයේ බදු ප්‍රති­ප­ත්තිය මත සෘජු බදු වැඩි­කර ගැනීම සඳහා සුරා­බදු හා අලු­තින් ලබා­ගන්නා බල­පත්‍ර සඳහා වන ගාස්තු ද ඉහළ දමා තිබේ. මෙම පෙත්සම මඟින් උත්සාහ කරන්නේ පාර්ලි­මේ­න්තුව සතු මූල්‍ය බලය අධි­ක­ර­ණය හරහා සොර­කම් කිරී­ම­ට­දැයි බර­ප­තළ සැක­යක් පැන නගී.   මෙම පෙත්ස­ම්ක­රු­ව­න්ගෙන් දෙදෙ­නකු දැන­ට­මත් සුරා­සල් පව­ත්වා­ගෙන යන දෙදෙ­නකු වන අතර, ඔවුන්ගේ අව­ශ්‍ය­තාව නව යෝජනා ක්‍රම හරහා ඉහළ යන සුරා­බදු නවතා ගැනීම මඟින් රාජ්‍ය ආදා­යම අඩු­කි­රී­මට කරනු ලබන ක්‍රම­න්ත්‍ර­ණ­යක් ද යන්න ගැන බර­ප­තළ සැක­යක් වෙයි. මෙම පෙත්ස­ම්ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි­න්නන් පසු­ගිය කාලයේ දී ද පාර්ලි­මේ­න්තුව සතු මූල්‍ය බලය අධි­ක­ර­ණය හරහා සොර­කම් කිරී­මට උත්සාහ ගනු ලැබුවා. මෙය පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු වශ­යෙන් මා ඇතුළු 225 දෙනා­ගේම වර­ප්‍ර­සාද කඩ­කි­රී­මක්.

එබැ­වින් ඔබ­තු­මා­ගෙන් මම ගෞර­ව­යෙන් ඉල්ලා සිටින්නේ පාර්ලි­මේ­න්තුව රැස්වන ඉදිරි පළමු දින­යේ­දීම සභාව හමුවේ මෙම වර­ප්‍ර­සාද ප්‍රශ්නය මතු කිරී­මට මා වෙත අව­ස්ථාව ලබා දෙන ලෙසයි. එමෙන්ම මෙකී වර­ප්‍ර­සාද ප්‍රශ්නය පාර්ලි­මේ­න්තුවේ ආචා­ර­ධර්ම හා වර­ප්‍ර­සාද පිළි­බඳ කාරක සභාව වෙත යොමු­කර සුදුසු විම­ර්ශ­න­යන් සඳහා තරා­ති­රම නොබලා ඔවුන් කැඳ­වන ලෙසත් පව­තින නීති ප්‍රකා­රව කට­යුතු කරන ලෙසයි.”

මෙහි දී අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රි නිමල් පිය­තිස්ස මහතා,

“රාජ්‍ය ආදා­යම් වැඩි­කර ගැනීම සම්බ­න්ධ­යෙන් ව්‍යව­ස්ථා­දා­ය­කය විසින් අනු­මත කර­ගන්නා ලද ක්‍රම­වේද, අනු­මත කර­ගෙන ඇති ක්‍රියා­මාර්ග ආදි­යට එරෙ­හිව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­ය­කුට හෝ වෙන­යම් පුද්ග­ල­ය­කුට අධි­ක­ර­ණ­යට ගොස් අභි­යෝග කළ හැකි ද යන්න සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි කර­දෙන ලෙස කථා­නා­ය­ක­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­නවා.   රාජ්‍ය පාලන තන්ත්‍රය ව්‍යව­ස්ථා­දා­ය­කය, විධා­ය­කය හා අධි­ක­ර­ණය යන කුලුනු තුන මත ක්‍රියා­ත්මක වෙනවා. එමෙන්ම අපගේ මූලික නීති­යට අනුව හා ව්‍යව­ස්ථා­වට අනුව මූල්‍ය වග­කීම පැව­රෙන්නේ ව්‍යව­ස්ථා­දා­ය­කය වෙතයි. මූල්‍ය පාල­නය සම්බ­න්ධ­යෙන් ව්‍යව­ස්ථා­දා­ය­කය විසින් ගන්නාවූ තීන්දු තීර­ණ­ව­ලට එරෙ­හිව අධි­ක­ර­ණ­යට යා හැකි­දැයි විම­සී­මට කැමැ­තියි.”

කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා මෙහි දී පැවැ­සූයේ අදාළ වර­ප්‍ර­සාද ප්‍රශ්නය වර­ප්‍ර­සාද කමි­ටු­වට යොමු කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT