Tuesday, May 6, 2025
Home » ගෑස් මිලත් බහී

ගෑස් මිලත් බහී

by Gayan Abeykoon
April 2, 2024 1:30 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ප්‍රේල් මාසය සඳහා වන ගෑස් මිල සංශෝ­ධ­න­යට අනුව ලිට්‍රෝ හා ලාෆ් ගෑස් මිල ඊයේ (01) සිට පහත දැමී­මට එම සමා­ගම් පිය­වර ගෙන තිබේ.

ඒ අනුව කිලෝ­ග්‍රෑම් 12.5ක් වන ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලි­න්ඩ­ර­යක් රුපි­යල් 135 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපි­යල් 4115ක් වේ.

කිලෝ­ග්‍රෑම් 5ක සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපි­යල් 1,652කි. කිලෝ­ග්‍රෑම් 2.3ක සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපි­යල් 772කි.

මේ අතර ලාෆ් ගෑස් 12.5 සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 625 කින් අඩු කර ඇති අතර එහි නව මිල 4111ක් වේ.

කිලෝ­ග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 248 කින් අඩු කර තිබෙන අතර එහි නව මිල රුපි­යල් 1652 ක් වේ.

මින් පෙර වෙළෙ­ඳ­ස­ල්වල ලිට්‍රෝ ගෑස් සිලි­න්ඩ­ර­යක් රුපි­යල් 4250කටත් කිලෝ­ග්‍රෑම් 5 සිලි­න්ඩ­ර­යක් රුපි­යල් 1707ක් පැවැ­තිණි.

ලාෆ් ගෑස් 12.5 සිලි­න්ඩ­ර­යක් 4736ක් ලෙසත් කිලෝ­ග්‍රෑම් 5 සිලි­න්ඩ­ර­යක් 1900 කට අලෙවි කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT