Home » සිරියාවේ පිහිටි ඉරාන කොන්සාල් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ පිහිටි ඉරාන කොන්සාල් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක්

by chanaka
April 2, 2024 9:47 am 0 comment

සිරියාවේ ඩමස්කස් අගනුවර ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරාන කොන්සාල් කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරය එල්ල කළද සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

කෙසේවෙතත් ප්‍රහාරය හමුවේ ඉරාන විප්ලවීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 11දෙනෙකු මිය ගොස් ඇත.

මෙම ප්‍රහාරය ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් තීව්‍ර කරන්නක් බව ජාත්‍යන්තර විචාරකයින් පවසයි. ප්‍රතිවිරුද්ධ මතධාරීන් වන ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින එම මත ගැටුම් ගාසා යුද්ධය හමුවේ තවත් උත්සන්න විය.

ඊට හේතු වූයේ ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන්ට සහ ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට ඉරානය සහය පළ කිරීමය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT