736
මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, “ඔහුගේ පවුලේ වෛද්‍යමය හදිසි තත්ත්වයක්” හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බවය.
දිනේෂ් චන්දිමාල් හැකි ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිත බව ද නිවේදනයේ දැක්වේ.
සිය බිරිඳ ගැබිණියක් බව මීට පෙර සමාජ මාධ්‍ය තුළ සටහන් සහ ඡායාරූප එක් කරමින් ඔහු සඳහන් කර තිබුණි. දරු ප්‍රසූතියේ දී සිය බිරිඳ සමඟ සිටීම සඳහා ඔහු මෙලෙස හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය ඇති බවට ද තොරතුරු වාර්තා වේ.