Home » නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

by chanaka
April 2, 2024 1:06 pm 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට සලකා බලමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පොලිස් නිලධාරීන් ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ(01) සලකා බැලු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ අදාළ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු හෙළිව ඇති බවයි.

මත්ද්‍රව්‍ය තොග ලබාදීම, ප්‍රවාහනය මෙන්ම සගවා තබා ගැනීම ආදි වැරදි ඔවුන් සිදුකර ඇති බව දීලිප පිරිස් මහතා තවදුරටත් කියා සිටියේය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ෂණ සිදුකෙරෙන බවයි ඔහු තවදුරටත් පැවසීය.

මෙම සිද්ධියට අදාළ තවත් පෙත්සමක වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනි සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා පැවසුවේ ඇප මත මුදා හැර සිටින පොලිස් නිලධාරීන් යළි සේවයට අනුයුක්ත කර ඇති නිසා සාක්ෂිකරුවන්ට තර්ජනයක් එල්ල වී ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT