554
කලවාන, මතුගම මාර්ගයේ නගරය ආසන්නයේදී තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඊයේ (01) සවස් කාලයේදී එම ඝාතන සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.
මියගොස් ඇත්තේ, දෙල්ගොඩ, කලවාන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
පුද්ගලික අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇත.
ඝාතනය සිදුකළ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.