Sunday, May 11, 2025
Home » ගෘහ සේවි­කා­වක ලෙස මැද­පෙ­ර­දිග සේවය කළ බිරිය හාම්පුතා සමඟ පැමි­ණෙයි
උරණ වූ සැමියා බිරි­යට පහ­රදී ගෙට ගිනි තියලා

ගෘහ සේවි­කා­වක ලෙස මැද­පෙ­ර­දිග සේවය කළ බිරිය හාම්පුතා සමඟ පැමි­ණෙයි

නි‍ෙවසේ සිටි සැමි­යාගේ පියා මිය­ගි­හින්

by Gayan Abeykoon
April 2, 2024 1:00 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ ඩී. එස්. ගුණ­ති­ලක

බිබිල පොලිස් වස­මට අයත් මඩ­ක­ල­පුව පාර වැලි­පො­ත­යාය ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වක් කුවේට් දේශයේ රැකි­යා­වක නිර­තව සිට මීට දින කිහි­ප­ය­කට පමණ ඉහ­තදී හාම්පුතා සහ හාම්පු­තාගේ රියැ­දුරු සමඟ පැමි­ණීම නිසා බිරිය සහ සැමියා අතර ඇතිවූ විර­ස­ක­යක් දුර­දිග යාමෙන් සැමියා විසින් බිරි­යට, හාම්පු­තාට සහ රියැ­දු­රුට පහ­රදී ඉකුත් 30 වැනිදා නිවෙ­සට ගිනි තැබීම නිසා නි‍ෙවසේ සිටි සැමි­යාගේ පියා මිය­යාමේ සිද්ධි­යක් පිළි­බ­ඳව බිබිල පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

අවු­රුදු 40ක් පමණ වය­සැති මෙම කාන්තාව කුවේට් රාජ්‍යයේ රැකි­යා­වක නිර­තව සිට 80 හැවි­රිදි අබ්දුල් සේඩ් අල­බ­ල්ල­යන් නමැති තම හාම්පුතා සහ රියැ­දුරු වන කේ. කේ. නාමල් යන අය සමඟ නි‍ෙව­සට පැමිණ ඇත.

මීට පෙරද ඇය අවස්ථා කිහි­ප­ය­කදී හාම්පුතා සමඟ නි‍ෙව­සට පැමිණ තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් සැමියා සහ බිරිය අතර ආර­වු­ලක් ඇතිවී සැමියා බිරි­යට සහ ඇය සමඟ පැමිණි කුවේට් ජාති­ක­යාට සහ රියැ­දු­රුට පහ­රදී නි‍ෙව­සට ගිනි තබා ඇත.   ඇය කුවේට් ජාති­කයා සහ රියැ­දුරු බිබිල මූලික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් පසුවේ.

නි‍ෙව­සට ගිනි තැබීම නිසා නි‍ෙවසේ අඩක් පමණ ගින්නෙන් විනාශ වී එහි සිටි අවු­රුදු 70 පමණ වය­සැති අංශ­භාග රෝග­යෙන් පෙළුණු සැමි­යාගේ පියා වන තිස්ස හෙට්ටි­ආ­රච්චි යන අය පිලි­ස්සුම් තුවාල ලබා බිබිල රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් තිබේ.

මිය­ගිය අයගේ මර­ණය පිළි­බ­ඳව මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය බිබිල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් සරත් බණ්ඩාර මහතා විසින් පව­ත්වන ලද අතර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහ­ලේදී පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත.

සැමියා විසින් නි‍ෙව­සට ගිනි තැබුවේ ද යන්න පිළි­බ­ඳව පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.   කුවේට් ජාති­ක­යා­ගෙන් ප්‍රශ්න කිරීම සඳහා භාෂා පරි­ව­ර්ත­ක­යෙ­කුගේ සහාය ලබා ගැනී­මට නිය­මි­තය.

බිබිල පොලිස් අධි­කාරී එස්. පී. කේ. ගාල්ලගේ මහ­තාගේ උප­දෙස් පිට බිබිල පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT