පොලිස් ආඥා පනතේ 76 වන වගන්ති ප්රකාරව මත්තේගොඩ පොලිස් වසමේ ස්ථිර හා තාවකාලිකව පදිංචිකරුවන්ගේ තොරතුරු ලබාගැනීම වෙනුවෙන් 76 පෝරමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ ප්රධානත්වයෙන් මත්තේගොඩ ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේදී ඉකුත්දා පැවැත්වුණි.
ඒ අනුව මත්තේගොඩ නැඟෙනහිර 587/C ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ස්ථිර හා තාවකාලික පදිංචිකරුවන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
එහිදී නීතිය හා සාමය පවත්වාගෙන යාමට බාධාවන අයුරින් බාහිරින් පැමිණ තාවකාලිකව පදිංචි වන පුද්ගලයින්ගෙන් ප්රදේශයට එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් ස්ථිර පදිංචිකරුවන් මෙහිදී දැනුවත් කළ අතර යම් සැකකටයුතු යමක් සිදු වුවහොත් වහාම පොලිසියට තොරතුරු ලබාදෙන ලෙසත් මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ප්‍රජා පොලිස් කමිටු හා පොලිසිය සමඟ එක්ව කටයුතු කරන ලෙසට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් 587/C කොට්ඨාස භාර පොලිස් නිලධාරී පො.කො. කුමාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වුණි.