Home » ‘චිය­ර්ලී­ඩර්ස්’ කෙල්ලන්ට දැවැන්ත ඉල්ලු­මක්

‘චිය­ර්ලී­ඩර්ස්’ කෙල්ලන්ට දැවැන්ත ඉල්ලු­මක්

by Gayan Abeykoon
April 2, 2024 1:28 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර

තර­ග­ය­කදී අවම ගෙවීම රු. 50,000යි  

දින­කට උප­රි­මය රු. 86,000ක්  

ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ එක් තර­ග­ය­කදී නර්ත­නයේ යෙදීම වෙනු­වෙන් ‘චිය­ර්ලී­ඩර්ස්’ ශිල්පි­නි­ය­කට ඉන්දීය රුපි­යල් 14,000ක් (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 50,379) ගෙවනු ලබයි. මෙම ගෙවීම ‘චිය­ර්ලී­ඩර්ස්’ නර්තන ශිල්පි­නි­ය­කගේ අවම ගෙවීම වන අතර, මුම්බායි ඉන්දි­යන්ස් සහ රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් කණ්ඩා­යම් එක් තර­ග­ය­කට ‘චිය­ර්ලී­ඩර්ස්’ නර්තන ශිල්පි­නි­ය­කට ඉන්දීය රුපි­යල් 20,000ක් (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 71,970) හා කල්කටා නයිට් රයි­ඩර්ස් පිල එක් දින­කදී ගෙවීම ඉන්දීය රුපි­යල් 24,000ක් (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 86,370) වේ. මේ ‘චිය­ර්ලී­ඩර්ස්’ ලා බොහෝ විට හොලි­වුඩ් හා බොලි­වුඩ් ඇතුළු ඉන්දි­යානු චිත්‍ර­ප­ට­වල කුඩා චරිත හෝ රඟපා ඇති අතර, එම­ඟින් ඔවුන්ට ඉන්දි­යානු නර්තන විලා­ස­යන් පිළි­බඳ වැට­හී­මක් ලබා දේ. මේ හැරුණු විට, ඇරො­බික් ජිම්නා­ස්ටික් සහ බට­හිර නර්තන ආකෘ­තීන් ද ඔවුන් හදාරා තිබීම අම­තර සුදු­සු­ක­මකි.

කෙසේ වෙතත්, ‘චිය­ර්ලී­ඩර්ස්’ ශිල්පි­නි­යන්ට නිය­මිත වේලා­වට වැටුප් නොලැ­බෙන බවට හා තරු පහේ නවා­තැන් දෙන බව පව­ස­මින් අපි­රි­සිදු හෝටල් කාමර ලබා­දීම පිළි­බඳ පසු­ගිය කාලයේ බොහෝ පැමි­ණිලි ලැබී තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT