
තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව නදීෂා රාමනායක
ශ්රී ලංකා යුද හමුදාවේ 59 වැනි මලල ක්රීඩා තරගාවලියේදී නව ජාතික වාර්තා 2ක් සහ තරග වාර්තා 11ක් බිහිවෙයි. කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී නිමාවට පත්වූ මෙම තරගාවලියේදී රිටිපැනීමේ ඉසව්වේදී මීටර් 5.17ක් වාර්තා කරමින් ශ්රී ලංකා විදුලි හා යාන්ත්රික ඉංජිනේරු බළකායේ කාර්මික සෙබළ කේ. පුවිතරන් හා පිරිමි මීටර් 200 සහය දිවීම ඉසව්ව විනාඩි 1: 29: 93 අවසන් කළ ශ්රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම ජාතික වාර්තා පිහිටුවීමට සමත් විය.
නිකූ පබසර, පී. එම්. පී. එල් කොඩිකාර, මොහොමඩ් සෆාන් සහ එස්. ඒ. දර්ශන යන හමුදා සෙබළුන් මීටර් 200 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළහ.
තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙස ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්. අරුණ දර්ශන සම්මානයට පාත්ර වූ අතර දක්ෂතම ක්රීඩිකාව ලෙස ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ මාණ්ඩලික සැරයන් නදීෂා රාමනායක සම්මානයට පාත්ර වූවාය.
තරගාවලියේ පිරිමි අංශයේ සමස්ත ශූරතාව ශ්රී ලංකා විදුලි හා යාන්ත්රික ඉංජිනේරු බළකාය, දෙවැනි ස්ථානය ශ්රී ලංකා කාලතුවක්කු හමුදාව දිනාගත් අතර, කාන්තා අංශයේ සමස්ත ශුරතාව ශ්රී ලංකා යුද හමුදා කාන්තා බළකායටත් දෙවැනි ස්ථානය ශ්රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායටත් හිමිවිය.