Home » ජාතික වාර්තා 2ක්: තරග වාර්තා 11ක්
යුද හමුදා මලල ක්‍රීඩා

ජාතික වාර්තා 2ක්: තරග වාර්තා 11ක්

by Gayan Abeykoon
April 2, 2024 1:26 am 0 comment

තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩ­කයා අරුණ දර්ශන
තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩි­කාව නදීෂා රාම­නා­යක

තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩි­කාව නදීෂා රාම­නා­යක

ශ්‍රී ලංකා යුද හමු­දාවේ 59 වැනි මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී නව ජාතික වාර්තා 2ක් සහ තරග වාර්තා 11ක් බිහි­වෙයි. කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී නිමා­වට පත්වූ මෙම තර­ගා­ව­ලි­යේදී රිටි­පැ­නීමේ ඉස­ව්වේදී මීටර් 5.17ක් වාර්තා කර­මින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජි­නේරු බළ­කායේ කාර්මික සෙබළ කේ. පුවි­ත­රන් හා පිරිමි මීටර් 200 සහය දිවීම ඉසව්ව විනාඩි 1: 29: 93 අව­සන් කළ ශ්‍රී ලංකා කාල­තු­වක්කු හමුදා කණ්ඩා­යම ජාතික වාර්තා පිහි­ටු­වී­මට සමත් විය.

නිකූ පබ­සර‍, පී. එම්. පී. එල් කොඩි­කාර‍, මොහො­මඩ් සෆාන් සහ එස්. ඒ. දර්ශන යන හමුදා සෙබ­ළුන් මීටර් 200 සහය දිවීමේ කණ්ඩා­යම නියෝ­ජ­නය කළහ.

තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩ­කයා ලෙස ශ්‍රී ලංකා කාල­තු­වක්කු හමු­දාවේ මාණ්ඩ­ලික සැර­යන් එස්. අරුණ දර්ශන සම්මා­න­යට පාත්‍ර වූ අතර දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළ­කායේ මාණ්ඩ­ලික සැර­යන් නදීෂා රාම­නා­යක සම්මා­න­යට පාත්‍ර වූවාය.

තරගා­ව­ලියේ පිරිමි අංශයේ සමස්ත ශූර­තාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජි­නේරු බළ­කාය, දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා කාල­තු­වක්කු හමු­දාව දිනා­ගත් අතර, කාන්තා අංශයේ සමස්ත ශුර­තාව ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා­ය­ටත් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළ­කා­ය­ටත් හිමි­විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT