Home » බංග්ලා­දේශ පිල ලකුණු 178කට දැවී යයි

බංග්ලා­දේශ පිල ලකුණු 178කට දැවී යයි

දෙවැනි ඉනි­මේදී කඩුලු 6ක් බිඳ­වැ­ටු­ණත් ශ්‍රී ලංකා පිල ලකුණු 455ක් ඉදි­රි­යෙන්

by Gayan Abeykoon
April 2, 2024 1:30 am 0 comment

 ලකුණු 353ක් ඉදි­රි­යෙන් සිටි­ය­දිත් දෙවැනි වර පන්දු­වට පහ­ර­දීමේ වාරය බංග්ලා­දේ­ශ­යට ලබා නොදී සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා පිලේ කඩුලු 6ක්ම ලකුණු 89ක් ඇතු­ළත උදුරා ගැනී­මට බංග්ලා­දේශ පිලේ පන්දු යවන්නෝ සමත් වූහ. චැටො­ග්‍රැම් නුවර  පැවැ­ත්වෙන ශ්‍රී ලංකා – බංග්ලා­දේශ දෙවැනි ටෙස්ට් තර­ගයේ තුන්වැනි දිනය වූ ඊයේ බංග්ලා­දේශ පළමු ඉනිම ලකුණු 178කින් නිමා­වට පත්වූයේ පස්වරු තේ පාන­යට මොහො­ත­කට පෙරය. අන­තු­රුව සත්කා­රක පිලට ඉනි­මක පරා­ජ­යෙන් බේරී­මට දෙවැනි වර­ටත් පන්දු­වට පහ­ර­දී­මට සිදු­වනු ඇතැයි පළ වූ විචා­රක අනා­වැකි ඉවත දැමූ ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ආරම්භ කරනු ලැබුවේ දැවැන්ත ඉල­ක්ක­යක් බංග්ලා­දේශ පිල හමුවේ තැබී­මට වුවද, තුන්වැනි දිනයේ ආර­ම්භයේ සිටම පිති­ක­රු­වන් අන්ද­මන්ද කළ තණ­තී­රුවේ ශ්‍රී ලංකා පිලේ නාය­ක­යාගේ බලා­පො­රො­ත්තුව බිඳ වැටිණි. ඊයේ දින­යේදී පම­ණක් මේ විස්මිත තණ­තී­රුවේ දෙපි­ළේහිම කඩුලු 15ක් බිඳ වැටීම කැපී පෙණිනි.

කෙසේ වෙතත් දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් අතැ­තිව බංග්ලා­දේ­ශ­යට වඩා ලකුණු 455ක් ඉදි­රි­යෙන් සිටී­මට සමත් වූ අතර, නොදැවී පිටියේ රැඳී සිටින ඇන්ජෙලෝ  මැතිව්ස් ලකුණු 39ක් ද, ප්‍රභාත් ජය­සූ­රිය ලකුණු 3ක් ද ලබා සිටිති.

ඊයේ උදෑ­සන තර­ගය ආරම්භ වන විට එක් කඩු­ල්ල­කට ලකුණු 55ක් ලබා සිටි බංග්ලා­දේශ පිලේ තවත් කඩුලු 3ක් දිවා ආහා­ර­යට පෙර බිඳ දැමී­මට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ සමත් වූහ. දිවා ආහා­ර­යෙන් පසුව බංග්ලා­දේශ පිති­ක­රු­වන්ට හිස එසැ­වී­මට ඉඩ නොලැ­බුණු අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා­ලී­මට සමත් විය. ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජය­සූ­රිය අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තේ පාන­යෙන් පසු ඇරැ­ඹුණු ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරු­ණා­රත්න දැවී ගියේ දෙවැනි ඕව­ර­යේ­දී­මය. අන­තු­රුව මුළු ලකුණු සංඛ්‍යාව 15ක් වන විට කුසල් මෙන්ඩිස් පිටි­යෙන් ඉවත් කිරී­මට කලීඩ් අහ­මඩ් සමත් වූ අතර, ආර­ම්භක පිති­කරු නිෂාන් මධුෂ්ක සහ ඇන්ජෙලෝ මැතිව්ස් එක්ව තුන්වැනි කඩු­ල්ලට එකතු කළ ලකුණු 45 ඊයේ දිනයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ඉහ­ළම ලකුණු සම්බ­න්ධ­තාව බවට ද පත් විය. මුළු ලකුණු සංඛ්‍යාව 60 දී නිෂාන් මධුෂ්ක දැවී යෑමෙන් පසු ඉතිරි කඩුලු 3ම බිඳ වැටුණේ ලකුණු 29ක් ඇතු­ළ­ත­දීය. ශ්‍රී ලංකා පිති­ක­රු­වන්ට දැඩි තර්ජ­න­යක් එල්ල කළ හසන් මහ­මූද් කඩුලු 4ක් බිඳ දැමූ අතර, කාලීඩ් අහ­මඩ් කඩුලු 2ක් දවා­ලීය. අද තර­ගයේ සිව්වැනි දින­යයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – සිය­ලු­දෙනා දැවී 531යි. (ඕවර 159) කුසල් මෙන්ඩිස් 93, කමිඳු මෙන්ඩිස් නොදැවී 92, දිමුත් කරු­ණා­රත්න 86, ධනං­ජය ද සිල්වා 70, දිනේෂ් චන්දි­මාල් 59, නිෂාන් මධුෂ්ක 57, ප්‍රභාත් ජය­සූ­රිය 28 (ශකීබ් අල් හසන් 110/3, හසන් මහ්මූඩ් 92/2)

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT