437
තායිවානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.
විදෙස් වාර්ථා සඳහන් කළේ, දකුණු ජපානයේ සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.
තායිවානයේ හුවාලියන් නගරයට කිලෝමීටර් 18ක් දකුණින්, කිලෝමීටර් 34.8ක් ගැඹුරින් අද (03) උදෑසන 8ට ආසන්න වේලාවකදී මෙම භූමිකම්පාවහටගෙන ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.