258
තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වුණි.
ඒ කිලෝග්‍රෑම් 49 බර පන්තියෙනි.
ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වුණි.