Home » ශ්‍රි ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්

ශ්‍රි ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්

by yasara
April 3, 2024 10:57 am 0 comment

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (03) පැවැත්වුණු අතර එහිදී ලකුණු 192ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට ලකුණු 531ක් රැස් කළහ.

බංගලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 178 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර
ඒ අනුව ලකුණු 157ක් රැස් කර ගෙන සිටියදී ශ්‍රී ලංකා දෙවන ඉනිම අත්හිටුවීමට නායක ධනංජය ද සිල්වා තීරණය කළේය.

ඒ අනුව ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 318ක් පමණයි.

ඒ හේතුවෙන් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංගලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT