කහටගස්දිගිලිය, සන්දික වැව ගම්මානයේ හේන් යායක අනාරක්ෂිත වගා ළිඳකට වැටුණු වනඅලි පැටවෙකු සහ ඇතින්නක් කහටගස්දිගිලිය වනජීවි නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නිරුපද්‍රිතව ගොඩගෙන පලවාහැරීමට අද(03) උදෑසන කටයුතු කළේය.
මේ දිනවල මෙම ප්‍රදේශයට වනඅලි බහුලව ගම්වදින අතර ඊයේ(02) අලුයම වන අලි රංචුවක් මෙම හේන් යායට පැමිණ ඇත. එහි පැමිණි මෙම ඇතින්න සහ පැටවා මෙම හේන්යායේ තිබූ වගාලිදට වැටී කෑගසන හඩ ඇසී අසල නිවැසියෙකු අද උදෑසන එම ළිඳ පරීක්ෂා කර බැලීමේදී ඇතින්නක් පැටවාත් එම ළිඳ තුල සිටින දැක තිබේ.
අනතුරුව කහටගස්දිගිලිය වන ජීවි නිලධාරීන්ව දැනුවත් කර ඇත.
වන ජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් පැයක පමණ මෙහෙයුමකින් පසුව ඇතින්නත් පැටවාත් නිරුපද්‍රිතව ගොඩගෙන අසල කැලෑවට පන්නා දැමීමට කටයුතු කර තිබුණි.
එම ඇතින්න වයස අවුරුදු 30ක් පමණ වන බවත් පැටවා වයස අවුරුද්දක් පමණ වන බවත් වනජීවී නිලධාරීන් පවසයි.
මැදවච්චිය – ගයාන්