Home » හිටපු ජනපති මෛත්‍රීගෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු ජනපති මෛත්‍රීගෙන් අධිකරණයට දැනුම්දීමක්

by chanaka
April 3, 2024 2:51 pm 0 comment

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව අධිකරණයට දැනුම්දී තිබේ.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව දැනුවත් කර ඇත.

හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බව පෙන්වාදෙමින් මෙම කරුණු දැක්වීම සිදුකර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT