Sunday, May 11, 2025
Home » සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් ඉරාන හමුදා නිලධාරීහු 7ක් මරුට – ප්‍රතිචාර දක්වන බව ඉරානය කියයි

සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් ඉරාන හමුදා නිලධාරීහු 7ක් මරුට – ප්‍රතිචාර දක්වන බව ඉරානය කියයි

by sachintha
April 3, 2024 1:06 am 0 comment

සිරියාවේ දමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සියුලර් කාර්යාලයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ද, එම කාර්යාලයේ සිටි ඉරාන විප්ලවීය හමුදාවේ ඉහළ මට්ටමේ නිලධාරීන් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද සිරියානු රජයේ මාධ්‍ය වාර්තා කර ඇත. මිය ගිය පිරිස අතර ඉරාන විශේෂ බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජනරාල්වරයකු ද සිටින බව සිරියානු රජයේ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සිරියාව මෙන්ම ඉරානය ද හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇති බවය. මේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවත් ඉරානය ප්‍රකාශ කර ඇති අතර, ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායල රජය කිසිදු ප්‍රකාශයක් සිදු කර නැතැයි ද වාර්තා වේ.

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා වරින් වර ඊශ්‍රායල හමුදාව සිරියානු දේශසීමාවේ ස්ථානගතව සිටින හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉරානයේ සහාය ලැබෙන බව කියන හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සහ සිරියාවේ සිට දේශ සීමාව අසල පිහිටි ඊශ්‍රායල හමුදා කඳවුරු වෙත ප්‍රහාර රැසක් එල්ල කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT