ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාවට ආහාර බෙදා දෙන ජාත්‍යන්තර සහනාධාර ආයතනයක සේවකයන් 7 දෙනකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් සිය සහන සේවා තාවකාලිකව නැවැත්වීමට සිදු වූ බව එම ආයතනය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය සහන සේවකයන් අතර අමෙරිකා – කැනඩා ද්විත්ව පුරවැසියකු ද, ඔස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය හා පෝලන්ත ජාතිකයන් ද සිටින බවය.
සිය ආයතනයේ සේවකයන් ගමන් ගත් මෝටර් රථයට ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වෙතින් බවට එම ආයතනයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති අතර, මේ පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු බව ද සඳහන් කර ඇත. මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයෙන් මිය ගිය සහන සේවකයන් අතර ඔස්ට්‍රේලියානු ජාතිකයකු සිටින බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්ටෝනි ඇල්බනිස් ද තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.