358
කොංගෝ ජනරජයේ ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් අගමැති ධුරයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ජනාධිපති ෆීලික්ස් ට්ශිසෙකෙඩි විසින් එරට පළමු කාන්තා අගමැති ලෙස පත් කර ඇත්තේ හිටපු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමැතිවරිය ලෙස කටයුතු කළ ජුඩිත් සුමින්වා බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය ජනවාරියේදී දෙවැනි වරටත් ජනාධිපතිවරයා ලෙස පත් වූ ෆීලික්ස් කාන්තාවක අගමැති ධුරයට පත් කිරීමෙන් කොංගෝ ජනරජයේ දැඩි ප්‍රසාදයට ලක් වී ඇතැයි ද වාර්තා වේ.