Saturday, May 10, 2025
Home » ෆින්ලන්තයේ පාසලක වෙඩි තැබීමක්

ෆින්ලන්තයේ පාසලක වෙඩි තැබීමක්

by sachintha
April 3, 2024 1:08 am 0 comment

ෆින්ලන්තයේ වැන්ටා නුවර ප්‍රාථමික පාසලක සිදු වු වෙඩි තැබීමකින් 12 හැවිරිදි සිසුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පෙරවරු මේ වෙඩි තැබීම සිදු වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ද එම පාසලේහිම 12 හැවිරිදි සිසුවකු බව වාර්තා වේ. වෙඩි තැබීම සිදු වී ඇත්තේ හෙල්සින්කි අගනුවරට තදාසන්න ප්‍රදේශයක් වන වැන්ටා නුවර වියටෝලා පාසල නමැති සිසුන් 800ක් ඉගෙනුම ලබන පාසලකදීය. තුවාල ලැබූ සිසුන් තිදෙනා රෝහල්ගත කර අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT