Saturday, May 10, 2025
Home » ඊජිප්තුවේ ජනපති ධුරය තුන්වැනි වරටත් අල් සිසීට

ඊජිප්තුවේ ජනපති ධුරය තුන්වැනි වරටත් අල් සිසීට

by sachintha
April 3, 2024 1:09 am 0 comment

ඊජිප්ත්තුවේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී තුන්වැනි වරටත් දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කයිරෝ නුවර ආසන්නයේ ඉදිකර ඇති ඊජිප්තුවේ නව අගනුවරදී අල් සිසීගේ දිව්රුම් දීම සිදුවී ඇතැයි ද වාර්තා වේ. 69 හැවිරිදි අල් සිසී දශකයකට වැඩි කාලයක් පුරා ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, ඔහු තවත් වසර 6කට මේ පත් වී ඇත්තේ තුන්වැනි හා අවසන් ධුර කාලයට බව ද වාර්තා වේ. මීට මාස 3කට පෙර පැවැති ඊජිප්තු ජනාධිපතිවරණයේදී ඔහු 89.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය.

ඔහු ඊජිප්තුවේ හමුදාපති සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති අතර, පළමුවරට ජනාධිපතිවරයා ලෙස පත්වූයේ 2013 වසරේදිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT