Saturday, May 10, 2025
Home » මගේ ආරක්ෂාව ප්‍රමාණවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල

මගේ ආරක්ෂාව ප්‍රමාණවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල

by sachintha
April 3, 2024 1:00 am 0 comment

මට අවශ්‍ය ආරක්ෂාවේ කිසි අඩුපාඩුවක් නැහැ. ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබී තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (01) සවස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්මැලි මහා සෑ රදුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. රුවන්මැලි සෑ මහාවිහාර මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති කුඩාගාල වැවේ ඥානවිමල, නැකුටුණු වැවේ ඥානරතන හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය මෙහිදී ආශිර්වාද කරමින් ආගමික වතාවත් සිදු කෙරිණි.

ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් අඩුවක් නැති බව සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේ වත්මන් තත්ත්වය කුමක්’දැයි එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ මේ වන විට ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් පවතින හෙයින් අදහස් ප්‍රකාශ කිරීම නුසුදුසු බවය.

දින කීපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තිදෙනකු ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළේය.පුදබිමක සිට දේශපාලනය කතා කිරීම සුදුසු නැතැයි පවසමින් එම ස්ථානයෙන් ඔහු නික්ම ගියේය.

ඡායාරූප – අනුරාධපුර අතිරේක

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT