Wednesday, September 18, 2024
Home » බදු ගෙවීම පැහැර හරින අයට කිසි බුරුලක් දෙන්නේ නෑ

බදු ගෙවීම පැහැර හරින අයට කිසි බුරුලක් දෙන්නේ නෑ

by sachintha
April 3, 2024 3:25 am 0 comment

ක්‍රම සහ විධි කාරක සභාවෙන් කියන්නේ අවු 30ක හිඟ බදු ගැනයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුතු ක්‍රම සහ විධි කාරක සභාවෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව කියා ඇත්තේ වසර 30ක් තිස්සේ ගොඩ ගැහුණු හිඟ බදු සම්බන්ධයෙන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02)

ප්‍රකාශ කළේය. එම හිඟ බදු මුදල්වලිනුත් සියයට 90ක්ම සම්බන්ධයෙන් නඩු පවතින බව ද ඇමැතිවරයා පැවැසීය. එහි දී ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ක්‍රම සහ විධි කාරක සභාවේ ඊයේ ඉදිරිපත් කළ කරුණු ඉතාම වැදගත්. ඒ ගැන ගැඹුරින් පරිශීලනය කරලා මම බලාපොරොත්තු වෙනවා මීළඟ පාර්ලිමේන්තු සතියේ දී ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයන්න.

ඒ අතරේ මගේ දැනුම අනුව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න කැමතියි. අපි මේ කතා කරන්නේ වසර 30ක් තිස්සේ ගොඩගැහුණු හිඟ බදු මුදල් ගැනයි. මෙයින් සියයට 35ක ප්‍රමාණයක් අපි හඳුනාගෙන තිබෙනවා. මෙයින් සියයට 90ක් තිබෙන්නේ නඩු මාර්ගයේ. මේ රටේ බදු ගෙවන්නකුට විවිධ ආකාරයේ නඩු ඉදිරිපත් කරන්න පුළුවන්.

ඒවා වසර ගණන් ඇදගෙන යාමේ හැකියාව තිබෙනවා. දැන් රේගුවේ තිබෙන හිඟ මුදල ගත්තොත් ඉන් සියයට 90ක්ම තිබෙන්නේ රාජ්‍ය ආයතනවලින් රේගුවට ගෙවන්න තිබෙන බදුයි. සුරාබදු ගත්තොත් එයින් සියයට 60ක් තිබෙන්නේ දඩ.

මම කියන්න ඕනේ බදු ගෙවන ජනතාවට අපි බදු ගෙවීම පැහැර හරින අයට කිසිම බුරුලක් දෙන්නේ නෑ. සෑම අඟහරුවාදාවකම අපි පැය කිහිපයක් සාකච්ඡා කරනවා මේවා ගැන. මොකද මේවායේ වාර්තා සහ ප්‍රායෝගිකත්වය ගැන ලොකු ගැටලු තිබෙනවා.

ඒ නිසා ඒවා ගැන පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව ඒ නඩු ඉක්මන් කරන්න අධිකරණ ඇමැතිතුමා සමගත් සාකච්ඡා කරනවා.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x