Saturday, May 10, 2025
Home » ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු මැයි-ජූනි වන විට සාර්ථක වුණොත් අධිවේගයේ වැඩවලට මුදල් ලැබේවි – කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු මැයි-ජූනි වන විට සාර්ථක වුණොත් අධිවේගයේ වැඩවලට මුදල් ලැබේවි – කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

by sachintha
April 3, 2024 1:00 am 0 comment

ණය ප්‍රතිව්‍යූහගතකරණය මැයි, ජූනි මාස වන විට සාර්ථක වුව හොත් අධිවේගි මාර්ග සඳහා මුදල් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මෙලෙස පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (2) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය:

“හිතේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා කෙසේ හෝ අධිවේගී මාර්ග පද්ධතිය ඉදි කළ යුතුයි කියලා. එහෙත් ණය ප්‍රතිව්‍යූහගතකරණය කරන තෙක් එය සිහිනයක්ම පමණයි. මොනම ආකාරයකට හෝ ණය ප්‍රතිව්‍යූහගතකරණය කරන තෙක් ඒ සඳහා ණයක් ගන්න බැහැ. ඒ නිසා අප දන්නා සියලු ආකාරවලින් විදේශීය ආයෝජකයන්ට ආරාධනා කර තිබෙනවා රුවන්පුර, දක්ෂිණ, හබරණ-කුරුණෑගල අධිවේගි මාර්ග හදන්න ඉදිරිපත් වන්න කියලා. ඒත් ජාත්‍යන්තර ගිවිසුම් අවසාන තත්ත්වයකට පැමිණ නැති නිසා මෙතෙක් කිසිවකුත් ඉදිරිපත් වී නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කළත්, එය සාර්ථක උත්සහයක් බවට පත් වන්නේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වූ විටයි. මැයි, ජූනි මාස වන විට වත් ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වුණොත් අධිවේගී මාර්ගවලට මුදල් ලැබෙයි කියලා රජය සුභවාදිව බලාපොරොත්තු තබාගෙන තිබෙනවා. දේශීය වශයෙන් එවැනි දේ කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන ආයෝජනයක් කළ හැකි අය නැහැ. එලෙස ඉදිරිපත් වන කෙනකු ඉන්නවා නම් අප ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. අවාසනාවකට එවැනි අය නැහැ.”

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT