Tuesday, May 13, 2025
Home » ‍බණ්ඩාරවෙල පාසලකට වන අලි ප්‍රහාරයක්

‍බණ්ඩාරවෙල පාසලකට වන අලි ප්‍රහාරයක්

by yasara
April 3, 2024 12:41 pm 0 comment

බණ්ඩාරවෙල පුනාගල අංක 3 දමිල විද්‍යාලයට අද (03) දින අළුයම එල්ලවු වන අලි ප්‍රහාරයකින් එම විද්‍යාලයේ එක් ගොඩනැගිල්ලකට දැඩි අලාභහානි සිදුව ඇතැයි ලියන්ගහවෙල පොලිසිය පවසයි.

මෙම විද්‍යාලයේ 1 සිට 5 වසර දක්වා පංති පැවැත්වෙන අතර එහි සිසුන් 99 ක් සහ ගුරුවරුන් 5 දෙනෙකු සිටින බවද වාර්තාවේ .

එහි 1 සහ 2 වසරවල  සිසුන් අධ්‍යාපනය හදාරන ගොඩනැගිල්ලේ දොර ජනෙල් හා බිත්ති  මෙම වන අලි පහරදීමෙන් විනාශයට පත්ව ඇති අතර එම පංති දෙකෙහි සිසු සිසුවියන් 39 දෙනෙකු අධ්‍යාපනය හදාරන බවද පොලිසිය පවසයි.

උදෑසන හතරත් හයත් අතර කාලයේදි මෙම සිදුවීම සිදුව ඇති බවත්පාසල හා අවට ප්‍රදේශයේ රාත්‍රි කාලයේ මෙන්ම දිවා කාලයේදිද වන අලින් ගැවසෙන බැවින් ඔවුන් එම ප්‍රදේශයෙන් පන්නා දමා විදුලි වැටක් ඉදිකර දීමට කටයුතු කරන ලෙසත් දෙමව්පියන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT