Saturday, May 10, 2025
Home » කොළඹ වරාය නගරයට අදාළ බැංකු රෙගුලාසි ඉදිරි සති තුනේදී සකසා අවසන් කරනවා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

කොළඹ වරාය නගරයට අදාළ බැංකු රෙගුලාසි ඉදිරි සති තුනේදී සකසා අවසන් කරනවා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

by sachintha
April 3, 2024 1:46 am 0 comment

කොළඹ වරාය නගරයට අදාළ බැංකු රෙගුලාසි ඉදිරි සති තුන තුළදී සකසා අවසන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැසට් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02) පැවසීය.

බැංකු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් කොළඹ වරාය සංශෝධන ගැසට් පත්‍ර සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

මෙම රෙගුලාසි ගැසට් කිරීමෙන් පසුව කොළඹ වරාය නගරයට අදාළ සියලු සංවර්ධන ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව ආයෝජකයන්ට සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා.

පදිංචිය සඳහා ගොඩනැගෙන අධි පහසුකම් සහිත නිවාස ගොඩනැඟිලිවලට සබ් ඩිවිෂන් රෙගුලාසි තිබිය යුතුයි. විශ්වවිද්‍යාලයත්, පාසලත් යාබදව තිබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් සංශෝධනයක් අද අපි ගේනවා. කොළඹ වරාය නගරයට අදාළව බැංකු රෙගුලාසි පමණයි දැනට සකස් කර අවසන් කිරීමට තිබෙන්නේ. මේ වන විට කඩිනමින් එය සිදු කිරීමට මහ බැංකුව සහාය දෙමින් තිබෙනවා. ඉදිරි සති තුන තුළදී බැංකු රෙගුලාසි සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැසට් කරනවා. කට්ටි 20කට පමණ ආයෝජකයන් අපිත් එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා. බැංකු රෙගුලාසි ගැසට් කළාට පසුව භූමියේ කටයුතු ආරම්භ කළ හැකියි. ලක්ෂරි විලාශ්වල, ජාත්‍යන්තර පාසල, ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සෙන්ටර්, රෝහල යනාදියේ වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සති තුනකින් පමණ මේවායේ සියලු වැඩ කටයුතු බාධාවකින් තොරව ආරම්භ කළ හැකියි. භූමියේ ගොඩනැඟෙන ආයෝජනවලට අවධානය යොමු කිරීම තමයි ඊට පසුව අපට තිබෙන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT