Saturday, May 10, 2025
Home » රජයට අයත් දේපොළ විකිණිය යුතු නැතැයි කීම වැරදි මතයක් – මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

රජයට අයත් දේපොළ විකිණිය යුතු නැතැයි කීම වැරදි මතයක් – මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

by sachintha
April 3, 2024 1:50 am 0 comment

රජයට අයත් දේපොළ විකිණිය යුතු නැතැයි කීම වැරදි මතයක් බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (2) පැවසීය.

බැංකු සංශෝධන පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

දේපොළ සම්බන්ධයෙන් වන අයිතිය ගැන නොව සලකා බැලිය යුත්තේ ඉන් ලැබෙන ප්‍රතිලාභ ගැනයි. මෙරට ජනතාව සතුව බොහෝ වත්කම් තිබුණත්, ඉන් ප්‍රතිලාභ නොලැබෙන අතර එහි වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි.

බැංකු සංශෝධනයේ ගොඩාක් හොඳ දේවල් තිබෙනවා. හොඳ දේවල් තිබෙන විට ඒවා හොඳයි කියලා කියන්න ඕනෑ. වත්කම් ගැන කතා කරන විට මහජනතාව එහි කොටස්කරුවන් වෙනවා. ඔවුන්ට වත්කම් තිබෙනවා. ඒ වත්කම්වලට ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. මැද පෙරදිග රටවල් තමන්ගේ තෙල් සම්පත විකුණුවේ නැතිනම් ඒ අයට කිසිම වත්කමක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ පොස්පේට් නිධියක් තිබුණත් ඉන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. රටක වවන්නට පුළුවන් ආහාර වවන්න ඕනෑ. බැරි දේවල් රටින් ගෙන්වන්න ඕනෑ. ඒ බව අපි සියලු දෙනා තේරුම් ගත යුතුයි. රටක ආරක්ෂාව රඳා පවතින්නේ විදේශ ප්‍රතිපත්තිය මතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT