Home » පාර්ලිමේන්තුව අර්ථාන්විතව පවත්වාගෙන යන්න ආණ්ඩුව සහ විරුද්ධ පක්ෂය වගකීමෙන් කටයුතු කළයුතුයි – නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ

පාර්ලිමේන්තුව අර්ථාන්විතව පවත්වාගෙන යන්න ආණ්ඩුව සහ විරුද්ධ පක්ෂය වගකීමෙන් කටයුතු කළයුතුයි – නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ

by sachintha
April 3, 2024 1:05 am 0 comment

පාර්ලිමේන්තුව අර්ථාන්විත ලෙස පවත්වාගෙන යෑමට ආණ්ඩු පාර්ශ්වය විරුද්ධ පාර්ශ්වය වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසුව නැවත රැස්වීමෙන් පසුව සිය අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

පනත් කෙටුම්පත, තවත් නියෝග, රෙගුලාසි නියමයන්ද ඇතුළුව වැදගත් විෂයන් 4ක් පිළිබඳ සාකච්ඡා කිරීමට යෝජනා වී තිබූ අද දින ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයේ යන දෙපාර්ශ්වයේම කථික මන්ත්‍රීවරුන් නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තු රුස්වීම අපරභාග 4.00 දක්වා අත්හිටුවීමට සිදු වුණා. පාර්ලිමේන්තුවේ විවිධත්වය ආරක්ෂා කරමින් අර්ථාන්විතව කරගෙන යෑමට ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය වගකීමෙන් යුතුව කටයුතු කරනවා. ඒ සඳහා ඔවුන්ගේ සහය අපේක්ෂා කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT