Home » උඩරට දුම්රියට අවදානමක් ගෙනා රේල්පාර දෙපස ගස් 50ක් කපාදමයි

උඩරට දුම්රියට අවදානමක් ගෙනා රේල්පාර දෙපස ගස් 50ක් කපාදමයි

by sachintha
April 3, 2024 1:32 am 0 comment

උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ සිට හැටන් දක්වා දුම්රිය මාර්ගය දෙපස අවදානම් ගස් කපා ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත් බව දුම්රිය ස්ථිර මාර්ග අධීක්ෂණ නිලධාරී එස්. ගොඩගේ මහතා පැවසීය. ඒ මහතා පැවසුවේ, පසුගිය කාලය තුළ උඩරට දුම්රිය මාර්ගය දෙපස පිහිටි ගස් කිහිපයක් මාර්ගයට කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබූ බවයි. එවැනි අවදානම් සහිත ගස් ධාවනය වෙමින් තිබෙන දුම්රියන්වලට කඩා වැටීමෙන් සිදු විය හැකි අනතුරු අවම කිරීමේ අරමුණින් රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 105 සැතපුම් කණුව අසල දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයේ පිහිටි ගස් 50ක් කපා ඉවත් කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත්කරුවකුට ලබාදී ඇති බවද දුම්රිය ස්ථිර මාර්ග අධීක්ෂණ නිලධාරීවරයා සඳහන් කළේය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT