නීති විරෝධී ලෙසින් මුහුදු මඟින් මෙරටට ගෙන්වා, ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි එකහමාරකට වඩා වටිනා ඉන්දියන් බීඩි කොළ උර 49ක්, එක් සැකකරුවකු ද සමඟින් ඊයේ (2) දින අලුයම නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් හා පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයීය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනිණ.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ලද තොරතුරකට අනුව මුහුදු වෙරළ ආසන්න නාවක්කාඩුව අතුරු මාර්ගයකදී මෙම ලොරි රථය හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මදුරන්කුලිය පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
කල්පිටි මුහුදු තීරයේ මෙවැනි ජාවාරම් නිතර සිදු වන බැව් ආරක්ෂක අංශවල මතයයි. තීරු බදු රහිත මෙරටට ගෙන්වීම, වරායක් නොවන ස්ථානයකින් ගොඩබෑම ආදී චෝදනා යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය. නඩු භාණ්ඩ සහ සැකකරු කටුනායක රේගු නිවාරණ කාර්යාලයට භාර දීමට නියමිතය. නොරොච්චෝල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා