Sunday, May 11, 2025
Home » බල්ලෙක්ගෙන් බේරෙන්න දුවද්දී ළිඳක වැටුණු වැලි මුවා මරුට

බල්ලෙක්ගෙන් බේරෙන්න දුවද්දී ළිඳක වැටුණු වැලි මුවා මරුට

by sachintha
April 3, 2024 1:35 am 0 comment

සුනඛයකුගෙන් බේරිමට දිව ගිය වැලි මුවකු නිවෙසක ළිඳකට වැටීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීහු පැවසූහ. හැටන්, ගාමිණීපුර ප්‍රදේශයේ පිහිටි නිවෙසක ළිඳක් තුළින් ශබ්දයක් ඇසී නිවෙසේ හිමිකරුවන් පෙරේදා (1) දින පස්වරුවේ එය පරීක්ෂා කිරීමේදී ළිඳ තුළට වැලි මුවකු වැටී සිටි බව දැක අසල්වාසීන්ගේ ද සහාය ඇතිව වැලි මුවා ගොඩගෙන වනජීවි නිලධාරීන්ට භාරදීම සඳහා කූඩුවක දමා සිටියදී මියගොස් ඇත. මියගිය වැලි මුවාගේ සිරුර නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ (2) පැමිණ රැගෙන ගොස් තිබුණි.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT