Monday, May 12, 2025
Home » මධ්‍යම පරිසර අධිකාරියෙන් කැලණි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට සුද්දයක්

මධ්‍යම පරිසර අධිකාරියෙන් කැලණි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට සුද්දයක්

by sachintha
April 3, 2024 1:37 am 0 comment

මධ්‍යම පරිසර අධිකාරිය, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එක්ව කැලණි ගඟේ ආරම්භ කළ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කිරීම සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (02) හැටන් නගරයෙන් ආරම්භ කෙරිණි.

කැලණි ගඟට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ ප්‍රධාන අතු ශාඛාවක් මෙන්ම කාසල්රි ජලාශයට හැටන් සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින දික්ඔය ඇළට, හැටන් සහ දික්ඔය නගරවල ව්‍යාපාරිකයන් සහ හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ දික්ඔය ඇළ අසල පදිංචිකරුවන් විසින් මුදා හැර තිබූ ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුත්ත මෙයට සමගාමීව සිදු විය. දික්ඔය ඇළට ඉහළින් පිහිටි හැටන් බගවන්තලාව, මස්කෙලිය ශ්‍රී පාද මාර්ගයට බැහැර කර තිබූ අපද්‍රව්‍ය මෙම වැඩසටහනට සමගාමීව ඉවත් කර තිබේ.

තවද දික්ඔය ඇළ අවට පදිංචිකරුවන් ඇළට කැළි කසළ බැහැර නොකරන ලෙසට දැනුවත් කිරීමද මෙම පරිසර වැඩසටහන සඳහා එක්ව සිටි පිරිස විසින් සිදු කරනු ලැබූ අතර, හැටන් අළුත්ගම ප්‍රදේශයේ සිට දික්ඔය වනරාජාවත්ත දක්වා කි.මී 2ක් දුරට දික්ඔය ඇළ සහ මාර්ගය දෙපස පිරිසිදු කිරීමද සිදු විය.

මෙම පරිසර වැඩසටහනට නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නොර්වුඩ් ප්‍රාදේශීය සභාව, හැටන් දික්ඔය නගර සභාව, හැටන් පොලිසියේ පරිසර ඒකකය, නුවරඑළිය ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ කාසල්රි ජලාශයේ ධීවරයන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT