Home » ප්‍රධාන මාර්ගයේ ගොඩගැසූ කුණු ඉවත් නොකිරීමෙන් සමනලගම ජනතාව දැඩි පීඩාවට

ප්‍රධාන මාර්ගයේ ගොඩගැසූ කුණු ඉවත් නොකිරීමෙන් සමනලගම ජනතාව දැඩි පීඩාවට

by sachintha
April 3, 2024 1:37 am 0 comment

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් එම්.ආර්. නගරය ආසන්නයේ ප්‍රදේශවාසීන් විසින් බැහැර කර ඇති කැළි කසළ හැටන් දික්ඔය නගර සභාව විසින් සතියකට ආසන්න කාලයක් රැගෙන නොයාම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත් වී ඇති බව හැටන්, සමනලගම ප්‍රදේශවාසීහු පවසති. හැටන්, දික්ඔය නගර සභාවෙන් නගර සීමාව තුළ ප්‍රදේශවාසීන් විසින් බැහැර කරන කැළි කසළ නිසි කළමනාකරණයකින් යුතුව රැගෙන නොයාම හේතුවෙන් මෙලෙස තමන් පීඩාවට පත්ව සිටින බව ඔවුහු කියා සිටිති.

මේ දිනවල පස්වරුවේ හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කාණු පද්ධතිය ඔස්සේ නගරයෙන් බැහැර කරන කැළි කසළ ගසාගෙන විත් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පිහිටි බොක්කුවක් මත රැඳෙන බවත් එයට ආසන්නයේම හැටන් සමනලගම ප්‍රදේශවාසීන් බැහැර කර ඇති කැළි කසළ ගොඩගැසී ඇති බවත් මෙම ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

හැටන්, දික්ඔය නගර සභාවට කැළි කසළ බැහැර කිරීමට ස්ථීර ඉඩමක් නොමැති වීම නිසා කැළි කසළ බැහැර කිරීමේදී ගැටලු රැසක් මතු වී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ උසස් නිලධාරියකු පවසා සිටි අතර, කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජනතාව නගර සභාව වෙත කරන පැමිණිලි සම්බන්ධයෙන් උපරිම අයුරින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කීවේය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT