122
වසර ගණනාවක් තිස්සේ කිසිදු ප්රයෝජනයකට නොගෙන එක තැන දිරාපත් වෙන්නට හැර තිබෙන වතුර බවුසරයක් පොල්පිතිගම ප්රාදේශීය සභාවට අයත් බහුකාර්ය ගොඩනැඟිල්ලක නවතා තිබිණි. මෙය මෙසේ තබාගෙන දිරාපත් වීමට ඉඩ හැර ඇත්තේ ඇයි දැයි පොල්පිතිගම ප්රාදේශීය සභාවේ වත්මන් ලේකම් උදේණිකා මොහොට්ටි මහත්මියගෙන් සිදු කළ විමසීමකදී ඇය සඳහන් කළේ එය ධාවනයට සුදුසු තත්ත්වයක නැති බවත්, මුදල් වැය කර අළුත්වැඩියා කළත් ප්රයෝජනයට ගත නොහැකි බවත්ය.
ඒ නිසා එය ඉදිරි කටයුතු සිදු කිරීමට වයඹ පළාත් පාලන කොමසාරිස්ගේ අවධානයට යොමුකර තිබෙන බවත් ඇය සඳහන් කළාය.
පොල්පිතිගම – නන්දන කැලේගම